නෙළුම් කුළුණ
කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව මෙය වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෙෙලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ අවුකන බුදු පිළිමය ද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.[1]
දඹුල්ල හරහා අනුරාධපුර මාර්ගයේ කැකිරාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට (9.7 කි.මි.) දුරින් මෙම වැව පිහිටා ඇත.[1]
ක්‍රි.ව. පස්වන ශතවර්ශයේ රජකම් කල ධාතුසේන රජු විසින් කලා වැව ඉදිකරන ලදී.[2] කලා වැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බළලු වැව නමින් තවත් වැවක් ඉදිකරනු ලැබූ අතර එම වැව් දෙක එක්කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කෙරිණි. ධාතුසේන රජුගෙන් අනතුරුව දෙවන මහින්ද රජු (ක්‍රි.ව. 777-797) විසින්ද තවදුරටත් මෙම වැව පුළුල් කරනු ලැබීණි.
කලා වැව ඉදි කෙරෙමින් පවතින කාලයේ කාල නම් කොළුගැටයෙක්ද මේ හා සම්බන්ද වෙමින් කටයුතු කල බව පැවසෙයි.මොහු ගේ පියා කලා වැව තමන්ගේ ජීවිතය මෙන් ආරක්ෂා කළ බව කියැවේ. ඔහු එකල කලා වැව පිටාර ගලා මහා විනාශයක් වීමට යන අවස්ථාවේදී මාගේ ජීවිතය ගෙන මෙම වැව සැමදාකම ජනතාවගේ පරිහරණය සඳහා ආරක්ෂා කර දෙන ලෙසින් දෙවියන්ගෙන් ඉල්ලා කලා වැවට පැන බිලි වූ බවත්, මොහු ඉන්පසුව යක්ෂ සේනාඅධිපති දෙවියකු වශයෙන්ද දේව මණ්ඩලයේ ආරක්ෂකයා ලෙසින්ද කඩවර දිව්‍ය රාජඔත්තමයානන් වහන්සේ වශයෙන් දිව්‍ය සැප සමිපත්ති ලබා දිව්‍යලෝකයේ උපත ලද බව කියැවේ.
කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.[3] මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[2] සහ සර් ආතර් හැමිල්ටන් – ගෝඩන් (1883-1890) [4] සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.[5]
වැවෙහි වට ප්‍රමාණය සැතපුම් 40ක් (කි.මි. 64.4) පමණ වන අතර මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7 ක් (වර්ග කි.මි. 18.1) පමණ වේ.[2] අමුණේ දිග අඩි 22,572 ක් (6,879.9 මි) හා එහි උස අඩි 48 ක් (14.6 මී) පමණ ව .[6] පිටවාන අඩි 216 පළලකින්ද අඩි 170 දිගකින්ද යුක්ත වේ. කලා වැවේ ඉවුර උසින් අඩි 60ත් 80ත් අතර අගයක් වන අතර පළල අඩි 200ක් පමණ වේ. එය දිගින් සැතපුම් 3ක් පමණ වේ.
පුරාණයේ පැවති විශාලතම වැවක් සේ සලකණු ලබන මෙම වැව මගින් ඊට ආසන්නයේ පිහිටි කුඩා වැව් සදහාද ජලය සපයා තිබේ. අනුරාධපුර අගනගරයේ පිහිටි ජනතාවට ජලය සැපයීමට කලා වැවේ සිට ජලය ජය ගඟ හරහා තිසා වැවට රැස් කර ඇත. මහවැලි ජලාප්‍රවාහන යොජනා ක්රමයේ ප්‍රධාන රැදවුම් ස්ථානයක් වන මෙම වැව 1976 සිට ශ්‍රී ලංකාවේ[5] උතුරු මැද පළාතේ ජනතාවට ජලය සපයා ඇත. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, වෘක්ෂලතා සදහා විශේෂයෙන්ම මිටියාවත් පිහිටි තණකොළ සදහා ජලය සැපයීම ආදිය සඳහා වැවෙහි ජලය භාවිතා කරයි.[2]
ඉඩ ප්‍රමාණය
3120 Sq ft
මාසික වාරිකය
රු . 3120.00
සුදුසු වන්නේ
ටෙලිසන්නිවේදන
* නගර සභා බල ප්‍රදේශයේ බදු වසර 3 කට වරක් අලුත් කෙරේ.
0911111111
කෝකිල
0911111111
කෝකිල
0911111111
කෝකිල