පලාගල
ප්‍රාදේශිය සභාව
පැමිණිල්ලක් තිබේද?
පරීක්ෂණය
හදිසි අවස්ථාවක්.
ප්‍රතිපෝෂණ
ජීඩිටල් ගෙවීම
English
தமிழ்
සිංහල
පලාගල
ප්‍රාදේශිය සභාව
මුල් පිටුව
අපගේ සේවාවන්
අපි ගැන
අපි ගැන
සභා තොරතුරු
සභා කමිටු
කාර්්යා මණ්ඩල තොරතුරු
ජනවිකාස තොරතුරු
නගර තොරතුරු
සංවිධාන සටහන
අපව අමතන්න
වීඩියෝ ගැලරිය
දෙපර්තමේන්තු
දෙපාර්තමේන්තු
පළාත් පාලන දෙපාර්තමේන්තුව
ප්‍රධාන ලේකම් කාර්යාලය උතුරු මැද පළාත
බාගත කිරීමේ පිටුව
RTI-S
පුරවැසි ප්රඥප්තිය
මාර්ගගත ගෙවීම
පැමිණිල්ලක් තියෙනවාද?
පරීක්ෂණය
හදිසි ආපදා
ප්‍රතිපෝෂණ
ඩිජිටල් ගෙවීම්
English
தமிழ்
සිංහල
සංචාරක ස්ථාන
ජාතික නාමල් උයන
කලාවැව
බුදුගේහින්න විහාරස්ථානය
මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ ස්මාරකය
කහලු කදුවැටියේ නොසිදෙන උල්පත්
ජාතික නාමල් උයන
දඹුල්ල
ගල්කිරියාගම
ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි.
අනුරාධපුර
යුගයේ පෞරාණික නටඹුන් රැසක් පවතින මෙහි බෝධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50 ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000 ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන සතුය. ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.
නා මල
අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර පද්ධති රැසක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානය ද මෙය වේ. මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ
නා
ගසට අමතරව නාමල් උයන තුළ
හල්මිල්ල
,
කළුවර
,
මිල්ල
ආදි ශාක රැසක් ද දක්නට ලැබෙයි. අපේ රටට ආවේනික වූ හා ආවේනික නො වූ පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72 ක් හා කෘමි විශේෂ 75 ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.
පුරා විද්‍යා රක්ෂිතයක් ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ. ජාතික නාමල් උයනේ ප්රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක් ද පවති.මෙය දකුණු ආසියාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙස ද හැදින්වේ. තිරිවාන නිධිය තුළ “ආගනේය “නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇත.
පුරා විද්‍යාගවේෂකයෙකු වන බන්දු වීරවර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25 ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයන තුළ කළ පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20 ක භුමි භාගයක පොසිල විසිර තිබේ. පුරා විද්‍යාත්මක, අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකින් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක් ද ඇති බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.
නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය. මෙය අක්කර 250 ක් පමණ පෙදෙසක විසිර ඇත. පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙම්වතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරීමට ද රෝස තිරිවාන යොදා ගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහනවල වින්ඩිස්ක්‍රීන් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ.
සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වන විට ජනාධිපති පරිසර සම්මානලාභී
වනවාසී රාහුල හිමි
යන්ගේ භාරකාරත්වයෙන් පවතී. උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කරවීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.
කලාවැව
කලා වැව
යනු
ශ්‍රී ලංකාවේ
උතුරු මැද පළාතේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ
පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ.
කලා-බලලු වැවු යුග්මයේ
ප්‍රධාන වැව මෙය වන අතර
තිසා වැවට
ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ
ජය ගඟ
නැතහොත්
යෝධ ඇළ
මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෙෙලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ
අවුකන බුදු පිළිමය
ද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.
[1]
ගමන් මාර්ගය
දඹුල්ල
හරහා
අනුරාධපුර
මාර්ගයේ
කැකිරාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට
(9.7 කි.මි.) දුරින් මෙම වැව පිහිටා ඇත.
[1]
ඉතිහාසය
කලා වැව
ක්‍රි.ව. පස්වන ශතවර්ශයේ රජකම් කල
ධාතුසේන රජු
විසින් කලා වැව ඉදිකරන ලදී.
[2]
කලා වැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම
බළලු වැව
නමින් තවත් වැවක් ඉදිකරනු ලැබූ අතර එම වැව් දෙක එක්කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කෙරිණි. ධාතුසේන රජුගෙන් අනතුරුව
දෙවන මහින්ද රජු
(ක්‍රි.ව. 777-797) විසින්ද තවදුරටත් මෙම වැව පුළුල් කරනු ලැබීණි.
අතීත සබැඳි
කලා වැව ඉදි කෙරෙමින් පවතින කාලයේ කාල නම් කොළුගැටයෙක්ද මේ හා සම්බන්ද වෙමින් කටයුතු කල බව පැවසෙයි.මොහු ගේ පියා කලා වැව තමන්ගේ ජීවිතය මෙන් ආරක්ෂා කළ බව කියැවේ. ඔහු එකල කලා වැව පිටාර ගලා මහා විනාශයක් වීමට යන අවස්ථාවේදී මාගේ ජීවිතය ගෙන මෙම වැව සැමදාකම ජනතාවගේ පරිහරණය සඳහා ආරක්ෂා කර දෙන ලෙසින් දෙවියන්ගෙන් ඉල්ලා කලා වැවට පැන බිලි වූ බවත්, මොහු ඉන්පසුව යක්ෂ සේනාඅධිපති දෙවියකු වශයෙන්ද දේව මණ්ඩලයේ ආරක්ෂකයා ලෙසින්ද කඩවර දිව්‍ය රාජඔත්තමයානන් වහන්සේ වශයෙන් දිව්‍ය සැප සමිපත්ති ලබා දිව්‍යලෝකයේ උපත ලද බව කියැවේ.
පිළිසකර කිරීම්
කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි
පරාක්‍රමබාහු රජු
විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ.
[3]
මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර්
විලියම් හෙන්රි ගෙග්‍රරි
(1872-1877)
[2]
සහ සර්
ආතර් හැමිල්ටන් – ගෝඩන්
(1883-1890)
[4]
සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.
[5]
වැවෙහි ප්‍රමාණය
වැවෙහි වට ප්‍රමාණය සැතපුම් 40ක් (කි.මි. 64.4) පමණ වන අතර මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7 ක් (වර්ග කි.මි. 18.1) පමණ වේ.
[2]
අමුණේ දිග අඩි 22,572 ක් (6,879.9 මි) හා එහි උස අඩි 48 ක් (14.6 මී) පමණ ව .
[6]
පිටවාන අඩි 216 පළලකින්ද අඩි 170 දිගකින්ද යුක්ත වේ. කලා වැවේ ඉවුර උසින් අඩි 60ත් 80ත් අතර අගයක් වන අතර පළල අඩි 200ක් පමණ වේ. එය දිගින් සැතපුම් 3ක් පමණ වේ.
බුදුගේහින්න විහාරස්ථානය
පලාගල, බුදුගේහින්න රජමහා විහාරය අනුරාධපුර මුල් යුගයට
අයත් ඓතිහාසික රජමහා විහාරයකි. පුංචි දඹුල්ල ලෙස ප්‍රකට මෙම විහාරය කුඩා සහ මහ පරිමාණයේ ලෙන් සහිත විහාරයකි.
මහවංශයට අනුව දෙවැනි පෑතිස් රජතුමන් ගව්වෙන් ගව්වට වෙහෙර විහාරස්ථාන ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් අතර ඒ අනුව දෙවැනි පෑතිස් යුගයට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් චෛත්‍යයක්ද බුදුගේහින්න රජමහා විහාරස්ථානයේ විරාජමානව පවතී.
බුදුගේහින්න රජමහා විහාරස්ථානයට ඓතිහාසික වටිනාකමක් ලැබෙන්නේ අනුරාධපුර මධ්‍ය භාගයේය. එනම් ක්‍රි:ව: 01 වැනි සියවසේ රජකම් කළ වලගම්බා රාජ්‍ය සමයේය. කටාරම් සහ බ්රාහ්මී අක්ෂර සහිත මහ කුඩා පරිමාණයෙන් ගල්ලෙන් පරිශ්රයකින් යුක්ත මෙම ස්ථානය විශාල පර්වත දෙකක් ඇසුරු කොටගෙන නිර්මාණය කර ඇත.
මෙහි විශාල ලෙන් විහාරයේ නිර්මාණය කර ඇති අඩි හයහමාරක් උස අභය මුද්‍රාවෙන් නිර්මාණය කර ඇති සෙල්මුවා හිටි බුදු පිළිම වහන්සේ අවුකන බුදු පිළිමය නිර්මාණ සම්ප්‍රදායට සමාන ලක්ෂණවලින් යුක්ත වේ. පුරාවිද්‍යා කොමසාරිස් ශිරාන් දැරණියගල මහතා ඒ බව තහවුරු කර තිබේ.
මහනුවර යුගයේදී කුඩා ලෙනඋඩ විහාරය ලෙස ඉදිකරවා මහනුවර සම්ප්‍රදායට අනුව බිතු සිතුවම් සහ පිළිම නිර්මාණය කර ඇත. ඒ අනුව බුදුගේහින්න රජමහා විහාරය අනුරාධපුර මුල් යුගය, අනුරාධපුර මධ්‍ය යුගය, සහ මහනුවර යුගය කාලයේ දියුණු කර ඇත.
මෙම විහාරස්ථානයේ ඓතිහාසික මූලාශ්‍ර අනුව බ්රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි, සෙල්මුවා, පිළිම වහන්සේ, ගල් කණු, සිරිපා රුව සහිත ගල් කුට්ටි, කටාරම් සහිත ලෙන්, මහනුවර යුගයට අයත් බිතු සිතුවම්, පෙති පිළිම අන්තර්ගතව ඇත.
මුල් කාලයේදී ලෙන් ගුහා රහතුන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බව බ්රාහ්මී අක්ෂරයෙන් යුක්ත ලෙන් ලිපියෙන් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි තහවුරු කර ඇත. එම බ්රාහ්මී අක්ෂර අනුව “අගත අනගත සඝස චතු දිසදිනේ.” සටහනෙන් ආවා වුවද නොආවා වුවද මහ සංඝරත්නය වෙත සඟ සතු කොට පූජා කරන ලදී. යනුවෙන් සඳහන්ය.
කටාරම් සහිත උඩ විහාරයේද දඹුලු විහාර චිත්‍ර නිර්මාණය කර ඇත. මෙහි චිත්‍ර නිලගම චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණයන්ය. ලෙන් ගලෙහි සිතුවම් කර ඇති වියන් චිත්‍ර සහ පෙති පිළිම කිහිපය නිලගම ශිල්පීන්ගේ සිතුවම්ය. එහි ඇති මහනුවර යුගයේ දැවමය ෙදාර අදටද ඒ අයුරින් පවතී. බෝසත් සිරිත හා බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි පසුබිම් කොටගෙන මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන් හා ගස්වල කොළ පොතුවලින් සාදාගත් සායම් වර්ග භාවිත කොට සිතුවමට නඟා ඇති චිත්‍ර රේඛා චිත්‍ර ලෙස නිර්මාණය කර ඇත. සියලුම විහාර අංගයන්ගෙන් යුක්ත ගල් පර්වත වලින් වට වූ විශාල වන ප්‍රදේශයකින් හා ස්වාභාවික පරිසරයකින් මෙම පුණ්‍යස්ථානය අලංකාර වී ඇත. පැරණි සිරිත් විරිත්වලින් යුක්ත ග්‍රාමීය ජනාවාසවලින් වටවී ඇත. දේවහුව ගොවි ජනපදයේ මෙම විහාරස්ථානය අලි ඇතුන් සහිත වන සතුන්ගෙන් යුක්ත ප්‍රදේශයක පිහිටා තිබේ.
බුදුගේහින්න රජමහා විහාරයේ ප්‍රථම විහාරාධිපති වශයෙන් උඳුරුව හල්මිල්ල වැව විපස්සි නාහිමි (1880-1890), පැල්බැඳියාවේ වන රතන හිමි (1905-1920), ගම්බිරිගස්වැවේ සීලරතන නාහිමි (1915- 1921,) තලකිරියාගම ධම්මානන්ද හිමි (1960-1970), දක්වාද 1978 සිට වර්තමානය දක්වා හිඟුරුවැවේ පියරතන නාහිමි නායක විහාරාධිපති තනතුර හොබවා ඇත.
මෙම පුණ්‍ය භූමියේ ලෙන් විහාර, මහනුවර යුගයේ ලෙන් විහාර, බිතු සිතුවම්, ඉපැරණි බෝධි,පුරාණ චෛත්‍යය, මකර තොරණ, මහනුවර යුගයේ පෙති බුදු පිළිම, පුරාණ දැව ෙදාරවල්, පැරණි මැටි බදාම, ගල්ෙදාර, සෙල්ලිපි ශ්‍රී පතුල්, ශිලාමය බුදු පිළිම, ගල් පහන් ඇතුළු පුරාවස්තු රැසක අබිමන් දනවන බොදු සිත් පහන් කරන මනස්කාන්ත පරිසරයක පිහිටි බුදු ගේ යනු බුදු පිළිම වහන්සේ තැන්පත්ව ඇති නාමයයි. හීන්න යනු කැලයයි. වන ප්රදේශයයි. ඒ අනුව හීන්නේ පිහිටි බුදුගේ බුදුගේහින්න බවට ග්‍රාම නාමය තබා ඇති මෙම පුණ්යභූමියට වරක් පැමිණ වන්දනා කිරීමෙන් ඔබේ බොදු සිත පහන් වනු ඇත.
බුදුගේහින්න චෛත්‍යය දෙවැනි පෑතිස් යුගයට අයත් වේ. දුර්ලභ ගණයේ ආකෘතියකින් යුක්ත වෙහෙරක් යැයි පුරාවිද්‍යා විද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා ස්ථානය පරික්ෂා කර ප්‍රකාශ කර ඇත. ගරා වැටී තිබුණු චෛත්‍ය 1970 දශකයේ ප්‍රතිසංස්කරණය කර ඇත.
සියලු විහාර අංගයන්ගෙන් යුක්ත ගල් පර්වතවලින් වට වූ විශාල වන ප්‍රදේශයකින් හා ස්වාභාවික පරිසරයකින් මෙම විහාරය අලංකාර වී ඇත. පැරණි සිරිත් විරිත්වලින් යුක්ත ග්‍රාමීය ජනාවාසවලින් වටවී ඇත. පැරණි ගොවි ජන පදයක් වන දේවහූව ගොවි ජනපද ව්‍යාපාරයේ මෙම පින් බිම පිහිටා ඇත. අලි ඇතුන් සමඟ වන සතුන්ගෙන් යුක්ත ප්රදේශයකි. වී ගොවිතැන මෙන්ම සාම්ප්‍රදායික හේන් ගොවිතැන්වලින් හා දෛනික ග්‍රාමීය ජන ජීවිතවලින් සමන්විත ජනතාවක් පන්සල අවට ගම්මානවල දිවි ගෙවති.
බුදුගේහින්න ප්‍රදේශයේ පැරණි ග්‍රාමීය භාෂාව තැනින් තැන භාවිත වන අතර පුරාණ ගති සිරිත්වලින් යුක්ත පිරිසක්ද මෙම ප්‍රදේශයේ සිටිති. ඇඳුම් පැලඳුම් භාවිතය, නෑ ගම් යෑම, පැරණි කුල සිරිත් අනුගමනය කිරීම, පැරණි ආහාර ක්‍රම, සාම්ප්‍රදායික අභිචාරවිධි, විහාර පන්සල්, දේවාල පිළිබඳ දැඩි විශ්වාස හා භක්තිය ඇතුළු පැරණි සංස්කෘතික පසුබිම මෙම ප්‍රදේශයේ විනාශ නොවී යම්තාක් දුරට තවමත් පවතී.
මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ ස්මාරකය
මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ
සදා අමරණීය වීරයෙකි. අදින් වසර එකසිය අනූහයකට (
196)
ප්‍රථම දේශය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ එතුමා
,
මෙම මස
26
දින සැමරීමට නියමිතය. පරදේශක්කාර ජාතියකට යටත්ව
,
නිවට
,
නියාලූ අයුරින් ජීවත් වීම මදිකමක් ලෙස සිතූ ඔහු
,
තම ජාතියේ ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිතය එඩිතරව පූජා කළ වීරයෙකි. එතුමා කඩුව ඔසවමින් ඌව වෙල්ලස්ස විමුක්ති සටනට නායකත්වය ලබාදෙමින් සටන මෙහෙය වූයේ
,
එවකට ලෝකයේ අවි ආයුධවලින් සන්නද්ධ ප්‍රබල යුද සේනාවක් සමඟය. ක්‍රි.ව
1817
සැප්තැම්බර් මාසයේ ඌව වෙල්ලස්ස විමුක්ති සටන ඇරඹුණි.
කැප්පෙටිපොළ පරපුර
596
කැප්පෙටිපොළ පරපුරෙහි ඉතිහාසය පිළිබඳ ජනප්‍රවාදයෙහි කතා කිහිපයක්ම පැවතිය ද
,
විශ්වාස කළ හැකි සාධක හමුවන්නේ මහනුවර යුගයෙනි. එය අවසාන සිංහල රජු වන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමය (ක්‍රි.ව.
1707-1739)
දක්වා වූ ඈත අතීතයට දිව යයි. මෙම රජුගේ සලූවඩන පදවිය දරා ඇත්තේ කැප්පෙටිපොළ පරපුරේ ආදීම පුරුෂයෙක් වන රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේය. එම පදවියට අමතරව තමන්කඩුව
,
මාතලේ හා සත්කෝරලයේ දිසාපති පදවිය ද පිරිනමා තිබේ. සම්භාව්‍ය රදළ පවුලකි. සතරකෝරලයේ කැප්පෙටිපොළ උපන් ගම අතහැර මාතලේ මොණරවිලට පැමිණ තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා ඉන්පසුව පැවත එන පරපුරේ නිලමේවරු කැප්පෙටිපොළ සහ මොණරවිල යන නම් දෙකෙන්ම හැදින්වීමට පටන් ගත්හ.
මාතලේ උඩසියපත්තුවේ මොණරවිල ගම පිහිටා තිබෙන්නේ උඩුගොඩ ගොලහැල ග්‍රාමයට සම්බන්ධවය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේගේ පියා කැප්පෙටිපොළ හෙවත් ගොලහැල නිලමේය. මව මොණරවිල කුමාරිහාමිය. පියා රාජාධි රාජසිංහ රාජ සමයේ (කි‍්‍ර.ව.
1781-1798)
දියවඩන නිලමේ තනතුර හෙබ වූහ. ඔහු ශ්‍රී දළදා මාලිගාවේ සොල්දර තට්ටුවෙන් වැටී මියගිය බව කියැවේ. මෙතුමාට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් දියේ ගිල්වා අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත් කරනු ලබන ඇහැලේපොළ කුමාරිහාමි මෙතුමාගේ සහෝදරී වන අතර
,
ඇය විවාහවී සිටියේ ඇහැලේපොළ මහනිලමේ සමගය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ විවාහවී සිටියේ සබරගමුවේ කුල කාන්තාවක් වූ දෙල්වල එතනා සමඟිනි.
ඔවුන්ට කැප්පෙටිපොළ ලොකු බණ්ඩා නමින් පුත්‍රයෙක් ද සිටියේය.
සෙංකඩගල පුරවරයේ කැප්පෙටිපොළ දිසාව සතුව වලව්වක් තිබුණේ නැත. මහනුවරට පැමිණෙන අතරමඟදී
,
නැවතුණේ වර්තමානයේ ඉතිරිව පවතින මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්වේය. එය කාමර
16
කින් යුත් සුවිශේෂී ගෘහ නිර්මාණශිල්පයේ අලංකෘත දෙමහල් ගොඩනැගිල්ලකි. සඳලූ තල දෙකකි. හය වැනි පරම්පරාවේ මිණිබිරියක් වන ධනංජනී මොණරවිල කැප්පෙටිපොළ මහත්මිය තම ස්වාමිපුරුෂයා සමඟ අද මෙහි ජීවත්වෙති. මහනුවර දී තම නැඟනිය (දියේ ගිල්වා මරණයට පත් කළ ඇහැලේපොළ කුමාරිහාමි) විවාහවී සිටි ඇහැළේපොළ මහාඅදිකාරම්ගේ වලව්වේ නැවතුණි.
කැප්පෙටිපොළ පරපුර පිළිබඳතවත් කතා කිහිපයක්ම ජනප්රවාදයේ පවතී. ඉන් එකක් නම් මෙසේය. එය ශ්‍රී විජය රාජසිංහ රජ දවස (කි‍්‍ර.ව
1739-1749)
දක්වා වූ ඈත අතීතයට දිව යයි. එදවස
,
සහෝදරියක සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් අත්තනායක නම් එක්තරා රදළ පවුලක් සතරකෝරලයේ අඹහැර ගමෙහි සිට මහනුවරට පැමිණ සුදුහුම්පොළ ගමේ පදිංචිවී ඇත. මෙම සහෝදරිය අතිශය රූමත් ළඳකි. එක්වරක් දුටුව කෙනෙක් නැවත වරක් දැකීමට තරම් සිතෙන ආකාරයේ රූපශ්‍රීයෙන් යුක්ත විය. සහෝදරයන් ඇයව සඟවා ආරක්ෂා කර ගැනීමට කොතරම් උත්සාහ කළ ද
,
ඇයගේ රූමත් බව ශ්‍රී විජය රාජසිංහ රජතුමාට ද දැනගැනීමට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රජතුමා ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේය.
තම එකම නැඟනිය වඩුග රජකුට විවාහ කර දීමට සහෝදරයන් කැමැත්තක් දැක්වූයේ නැත. අනාගතයේ දී රජුගෙන් ඇය ආරක්ෂා කර ගත හැකි ක්‍රමයක් ද සොයා ගත නොහැකි විය. සහෝදරියගේ ජීවිතය නැති කරනවා හැර සිදු කළ හැකි වෙනත් විකල්පයක් ද ඔවුන්ට නොතිබිණි. අකමැත්තෙන් වුවත්
,
සහෝදරිය මරා දමන සොහොයුරන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයට පලාගොස් එක් අයෙක් බැද්දෙවෙල
,
අනෙක් සහෝදරයා කැප්පෙටිගාලෙහි ද (පසුව කැප්පෙටිපොළ ලෙස ව්‍යවහාරයට පැමිණියේය) සැඟවිණි.
එවකට මාවනැල්ල කැළෑබද ප්රදේශයකි. කැප්පෙටිපොළ මහනිලමේ පිළිබඳ තවත් කතාවක් නම් සෙනරත් රජ සමයේ (ක්‍රි.ව
1604-1635)
එනම් ක්‍රි.ව
1630
වසරේ දී පෘතුගීසී හමුදාවේ ජනරාල් කොන්තන්තීනු ද සා මෙහෙය වූ හමුදාව උඩරට රන්දෙනිවෙලට ද පැමිණ තිබේ. සා ගේ හමුදාවේ සිංහල හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් සිටියහ. මුදලි දොන් කොස්මෝ වීරසේකර ඉන් එක් යුද නායකයෙකි. දක්ෂතාව නිසාම පෘතුගීසින් අණදෙන නිලධාරියා ලෙස ඔහු පත්කර තිබේ. වීරසේකර මුදලි ගැන සෙනරත් රජුට ද දැනගැනීමට ලැබී ඇත. රජු වහාම හසුනක් ලියා රහසිගතව ඔහු වෙත යවන ලදී. එම හසුනෙහි සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි.
මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ වලව්ව
සිංහලයන් පාගා දමමින් සිංහලයන්ම විනාශ කිරීමට සිංහලයන් භාවිත කරන විදේශිකයන් කෙදිනක හෝ ඔබවත් විනාශ කරනු ඇත. ඔවුන් විශ්වාස නොකරන්න
,
මෙම දේශය අපගේය. අප මෙම දේශය ආරක්ෂා කර නොගතහොත් පාපයකි. එමනිසා පෘතුගීසීන් පරාජය කිරීමට සහාය වන්න
’’
යනුවෙනි.
මෙම හසුන්පත ලැබීමත් සමඟ ඔහුගේ දේශපේ‍්‍රමීත්වය මතුව ආවේය. දින කිහිපයක් ගත විය. පෘතුගීසි නිලධාරියකුගේ හිසක් රජතුමා වෙත යවන ලදී. ඒ තමන් රජුට සහාය වන බව දැන්වීමටය. පසුව සෙනරත් රජතුමා සමඟ එක්වී පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දේශය ඔවුන්ගෙන් මුදාගන්නා ලදී. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් -වික්‍රමසිංහ කුලතුංග
”
නාමයත්
,
ඌවේ පිහිටි කටුගහ වලව්ව සහ එය අවට පිහිටි ඉඩම් නින්දගම් වශයෙන් ඔහුට පිරිනමා තිබේ.
උඩරට පාලනය බි්රතාන්යයන්ට හිමිවූ පසු ඒ වන විට ඉංග්‍රීසීන් විසින් හජ්
ý
මුහන්දිරම් කෙනෙක් වෙල්ලස්ස පාලනය සඳහා පත්කර තිබුණි. සිංහලයන් මෙයට කැමැත්තක් දැක්වූයේ නැත. රදළ නායකයන්ට වඩා මෙම තත්ත්වය බෙහෙවින් දැනෙන්නට පටන් ගත්තේ සාමාන්‍ය මහජනතාවටය. සිය නායකයන් කළ වැරැුද්ද අවබෝධ කරගත් කිවුළේ ගෙදර
,
කොහු කුඹුරේ
,
ඇහැලේපොළ
,
ඉහගම ආදීහු ප්‍රමුඛත්වය ගත්හ. කැප්පෙටිපොළ දිසාව ද මෙයට රහසින් ආධාර කළේ අවස්ථාව ලද වහාම සම්බන්ධවීමේ අදහසිනි. (මේ බව ලූතිතන් ටි්යුලොක් කැප්පෙටිපොළ පවුලේ අය සිර භාරයට ගෙන දේපළ රාජසන්තක කළ අවස්ථාවේ දී
,
එහි පෙට්ටගමක තිබී හමු වූ ලිපි නිසාය. මේ බව ආණ්ඩුකාර බ්රවුන්රිග් විසින් යටත් විජිත භාර ලේකම්වරයාට යවන ලද වාර්තාවල සඳහන් වේ*. -දොරේසාමී
” (
විල්බාව ගමේ උපත ලබා ඇති සිවුරු හල (හීරලවකු) කෙනෙකි) නම් වූ අමුත්තෙකු වෙල්ලස්සේ කොකාගල නම් ගමට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු පැමිණියේ තනිවම නොවේ. භික්ෂූන්වහන්සේ අටනමක් ද සමඟය.
වෛද්‍ය හෙන්රි මාෂල්ගේ සටහනට අනුව මේ බව බදුල්ලේ උපරෙසිඩන්ට් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ට දැන ගැනීමට ලැබෙන්නේ ක්‍රි.ව
1817
ඔක්තෝම්බර් මස
10
වෙනි දිනදීය. දොරේසාමි අල්ලාගෙන ඒමේ වගකීම පැවරෙන්නේ හජ්ජි මුහන්දිරම්ටය. හජ්ජි තම සොහොයුරා සහ වෙල්ලස්සේ මරක්කල මිනිසුන් කිහිපදෙනකු සමඟ පිටත් විය. වෙල්ලස්සේ කඩවතට පැමිණි හජ්ජි ඇතුඵ පිරිසට සිංහලයන් කණ්ඩායමක් ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කළ අතර
,
ඔවුන්ගෙන් හතර දෙනකු අල්ලාගෙන බදුල්ලට යැවීය. මේ බව ආරංචි වූ වෙල්ලස්සේ සිංහල තරුණයන් පිරිසක් දුනු හී අතැතිව ඉදිරියට පැමිණෙමින් සිටින හජ්ජිගේ සොහොයුරාට තුවාල කර හජ්ජි අල්ලා ගත්හ. හජ්ජිගේ පිරිසෙන් කිහිප දෙනෙක් බදුල්ලට පළා ගියහ.
12
වැනි දින මෙම පුවත බදුල්ලට දැන ගැනීමට ලැබුු අතර
, 14
දින උපරෙසිඩන්ට් විල්සන් සහ ලයිතන් නිව්මන් යටතේ ජා හේවා කණ්ඩායමක් සමඟ භාෂා පරිවර්තකයකු සහ දේශීය භටයෝ කිහිප දෙනෙකු ද වෙල්ලස්සට පිටත් වූහ. ඔවුහු පළමු රැුය අලූපොත ද
,
දෙවැනි දවසේ වෛනවැල්ලට ද ගොස් බුත්තල රාත්‍රිය ගත කළහ. පසුවදා සිංහල භට පිරිස් සමඟ සාකච්ජා කිරීමට උත්සාහ කළ ද
,
ප්‍රතිඵල රහිත ක්‍රියාවක් විය. ඒ ඔවුන් සිංහල ජාතියට බොහෝ කෙණහිළිකම් කර තිබූ නිසාය.
ඒ වන විට වෙල්ලස්සේ අතිදක්ෂ දුනු හේවායකු වූ මීගහපිටිය වලව්වේ හිටිහාමි රටේරාළගේ නායකත්වයෙන් යුත් භට පිරිසක් ඉංග්‍රීසින් වටකර සිටියේය. එකවරට කැලෑව දෙසින් ඉංග්‍රීසීන් වෙත පැමිණියේ ඊ වර්ෂාවකි. හිටිහාමි රටේරාළගේ ඉලක්කය විල්සන් වෙතය. තවත් මොහොතකින් විල්සන් ඇතුඵ කිහිප දෙනෙක් මැරී ඇද වැටුණි.
මොණරවිල කැප්පෙටිපොළ දිසාව සටනට එක්වීම
වෙල්ලස්සේ දිසාව ලෙස එවකට පත්කර සිටියේ මහලූ වයසේ පසු වූ මිල්ලවය. මහලූව සිටීම පමණක් නොව රෝගාබාධව සිටි නිසා රාජකාරී නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් විය. මේ නිසා මෙම දිසාව ද
,
ඌවේ දිසාව යටතට පත් කරන ලදී. මේ වන විට ඌව දිසාවේ ලෙස පත්ව සිටියේ මොණරවිල කැප්පෙටිපොළ නිලමේය. බදුල්ලේ අණදෙන නිලධාරී මේජර් මැක්ඩොනල්ඞ්ගේ අනුමැතිය ඇතිව වෙල්ලස්ස පළාත සමතයකට පත් කිරීමේ වගකීම කැප්පෙටිපොළට පවරා ඔහුගේ අතවැස්සන් දොළොස් දෙනකුට තුවක්කුව බැගින් හා වෙඩි බෙහෙත් ලබා දුන්න ද
,
යුද හමුදාවක් රැුගෙන ගියේ නැත. එහෙත් පරම්පරා ගණනාවක සිට පැවත එන ශ්‍රේෂ්ඨ යුද බෙර වයන්නකු වූ තිත්තවෙල මහ පනික්කියා ද ඔහු සමඟ ගියේය.
ක්‍රි.ව
1817
නෙවැම්බර් මස
01
දින කැප්පෙටිපොළ මහ නිලමේට අඵපොතදී කොහුකුඹුරේ රටේරාළ ඇතූඵ සටන් පිරිස හමුවිය. සටන් සංවිධානය කොහුකුඹුරේ රටේරාළ භාරයේ පැවති අතර
,
පිලිමතලව්වේ අධිකාරම
,
මඩුගල්ලේ දිසාව හා කිවුලේගෙදර මොහොට්ටාල සටන් පෙරමුණේ වූහ. මෙය අහම්බයෙන් සිදුවූවක් නොවේ. කලින් යොදාගත් සැළැස්මක් ක්‍රියාත්මක වීමකි. එහෙත් ඒ බව පෙන්වීමට රටේරාළ කැමති වූයේ නැත.
”
අපේ රට මෙතෙක් දවස් අඳුරේ තිබුණත්
,
දැන් සූර්ය දිව්‍ය රාජයාට සමාන රජ කෙනෙක් පහළවී සිටිනවා. එතුමා කෙරේ විශ්වාසය ඇතිනම් අප හා එකතු වෙන්න. නැතිනම් ඔබ මෙතැනදීම මරා දමා හිස රජතුමා ළගට රැගෙන යනවා..
”
රටේරාළ පැවසීය.
”
රජතුමා කෙරෙහි මගේ විශ්වාසයක් නැතිනම්.. මම එන්නේ හේවායන් සමඟයි.. හිතවත් කෙනෙක් හැටියටයි මම ආවේ
”..
යැයි කැප්පෙටිපොළ නිලමේ පිළිතුරු ලබා දුන්නේය. ඒ වන විට කැප්පෙටිපොළට පක්ෂපාත පිරිස පන්දහසක් පමණ වූහ. රටේරාළ සතුව සිටියේ දෙසිය පනහක පමණ පිරිසකි.. මේ නිසා කැප්පෙටිපොළ නිලමේට අවශ්‍යතාවක් තිබුණා නම්
,
බේරී පළා යාමට පවා ඉඩ තිබුණි. එහෙත් එසේ නොකර
,
සිංහල විමුක්කි සේනාවට එක්වූ කැප්පෙටිපොළ නිලමේ
,
ඔහු සමඟ පැමිණි ඉංග්‍රීසී හේවා පිරිසේ කිසිවකුටවත් කිසිදු ආකාරයෙන් හිංසා නොකර ඔවුන්ගේ අවි ආයුධ ද සමඟ ආණ්ඩුකාරයා වෙත පිටත් කර යවන ලද්දේ මහත්මා ගතිගුණ පෙන්වමිනි.
මොණරවිල කැප්පෙටිපොළ මේ ආකාරයෙන් සිංහල සේනාවට එක්වීමත් සමඟ සටන් පෙරමුණේ නායකත්වය ඔහුට හිමි විය. මේ බව දැනගත් රොබට් බ්රවුන්රිග් කෝපයෙන් වියරු වැටුණි. බි්රතාන්ය පාලනයට විරුද්ධව සටන් වැද සිටින සිංහල රණකාමීන්ගේ දේපළ රාජසන්තක කළේය. එපමණකින් සෑහීමකට පත් නොවූ ඔහු සංග්‍රාමික උපක්‍රමයක් වූ -බිම්පාඵ ප්‍රතිපත්තිය
”
ක්‍රියාත්මක කරමින් කෙත්වතු
,
ධාන්‍ය ගබඩා ගිනිතබා විනාශ කරන ලෙස මේජර් මැක්ඩොනල්ඞ් ඇතුඵ හමුදා නායකයන්ට උපදෙස් දුන්නේය. ඉංග්‍රීසි හා කුලී හේවායෝ සිංහලයන් සතු කෙත්වතු
,
ගෙවල් දොරවල්
,
ගව සම්පත කොල්ලකෑමෙන් නොනැවතී ගිනි තබා විනාශ කළහ. සටන ඉන් මර්දනය වූයේ නැත. තවත් උග්‍ර අතට හැරුණි. ඌව වෙල්ලස්සින් ඇරඹි සටන කන්ද උඩරට දක්වා ව්‍යාප්ත විය.
ඌව වෙල්ලස්සෙන් කි‍්‍ර.ව
1817
සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සටන
1818
පෙබරවාරි මාසය වන විට බින්තැන්න
,
වලපනේ
,
දුම්බර හේවාහැට
,
හත්කෝරළේ
,
හාරිස්පත්තුව
,
මාතලේ
,
නුවර කලාවිය හා සබරගමුවේ එක් කොටසක් පුරා පැතිර ගියේය.
ඉංගී්රසීන්ට කන්ද උඩරටින් පිටවීමට නියෝග කෙරේ
කැරැල්ලට සම්බන්ධ සියලූම සිංහලයන් රාජද්‍රෝහීන් ලෙස සළකා කටයුතු කරන මෙන් ප්‍රකාශයට පත් කළහ. මොණරවිල කැප්පෙටිපොළ ඌවේ දිසාව ඇතුඵ දහතුන් දෙනෙක් ප්‍රධාන රාජද්‍රෝහීන් ලෙස නම් කරමින්
,
ඔවුන් සතු දේපළ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළේය. එහෙත් සිංහලයන්ගේ විමුක්ති සටන පාලනය කිරීමට ඉංග්‍රීසි හේවායෝ අසමත් වූහ. ඉංග්‍රීසීන්ට උඩරටින් ඉවත් වන්නට සිදුවන තත්ත්වයක් ඇති විය. බි්රතාන්ය යටත් විජිත භාර ලේකම්වරයාගෙන් සහ ඉන්දියාවේ බි්රතාන්ය ආණ්ඩුකාරවරුන්ගෙන් අමතර හේවා බළඇණි සමඟ යුද අවිද ඉල්ලා සිටියහ. ඒ සමඟම මෙම නිදහස් සටනේ නායකයා වූ කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට තාර්කා පගෝදි
2000
ක් ගෙවන බවට ප්‍රසිද්ධ වුණි.
පෙබරවාරි
,
මාර්තු ඉතාමත් දරුණු ආකාරයෙන් සටන් පැවති කාලයකි. තම හමුදා සේනාංක ඉවත් කර ගන්නා මෙන් යටත් විජිතභාර ලේකම් මෙරට ආණ්ඩුකාරවරයාට නියෝග කළේය. එහෙත් එම නියෝගය ලැබුණේ සතියක කාලයක් ප්‍රමාද වීමෙනි. එම ප්‍රමාදය අතර කාලයේ බලාපොරොත්තු රහිත ලෙස ඉන්දියාවෙන් හමුදාවක් පැමිණියේ ඉංග්රීසින්ගේ වාසනාවටය. ඉන් ඉංග්‍රීසින් දිරිමත් විය. මාස කිහිපයක් සටන් පැවතිණි. ඉංග්රීසින්ගේ මිලේච්ජ ක්‍රියා පමණක් නොව ආහාර
,
අවි ආයුධ හිඟකම ද සටන අඩාළ වීමට බලපෑවේය. මෙවන් කි‍්‍රයා සිදුවන අතරතුර කැප්පෙටිපොළ දිසාව අසනීපයෙන් පසුවිය. පෙරමුණ ගත් නායකයෝ එකිනෙකා ඇද වැටෙමින් මරු වැළඳ ගත්හ. සමහර නායකයන් ඉංග්‍රීසින් සිර භාරයට පත්විය. මෙවන් අයහපත් වාතාවරණයක් මධ්‍යයේ වුවද
,
කැප්පෙටිපොළ මහනිලමේ සටන අත්හැරියේ නැත.
ජෝන් ඩොයිලිට තොරතුරු සැපයූ උඩුගම උන්නාන්සේ නැමැති දුසිල්වත් සාමණේරයාණන්ගෙන් ලබාගත් ඔත්තුවකට අනුව
,
තමා සමඟ විල්බාවේ පන්සලේ වාසය කළ සිවුරු හැරගිය භික්ෂුවක්
,
දොරේසාමී නමින් රජෙකු ලෙස පෙනී සිටින බව පැවසීය. බ්රවුන්රිග් මේ බව ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැප්පෙටිපොළ මහනිලමේ සහ අභිනව රජතුමා (දොරේසාමී) කණිෂ්ඨ පිළිමතලව්වේ ඇතුඵ රදළ නායකයන් විසින් සිරභාරයට ගන්නා ලද්දේ විල්බාවේ රදළයෙකු නොවන නිසා ඔහුට රජ වීමට අනුබල දුන් බව පවසමිනි. සැබවින්ම කැප්පෙටිපොළ ඒ බව දැන සිටියේ නැත. ඒ අතරේ පිළිමතලව්වේ ඩොයිලි සමඟ රහසේ සාකච්ජාවක් පැවතුණි. ඒ
,
කැප්පෙටිපොළ ඉංග්‍රීසින්ට භාරදී මහඅදිකාරම් තනතුර සහ නැති වූ දේපළ ලබා ගැනීමේ අරමුණෙනි. මෙවන් සාකච්ජා පවතින අතරතුරේ කැප්පෙටිපොළ සහ විල්බාවේ ඔවුන්ගෙන් මිදී පලාගොස් නුවර කලාවියේ
,
පරවහගම වලව්වේ නැවතුණි. මේ නිසා පිළිමතලව්ව සහ ඩොයිලි අතර පැවති සාකච්ජා අසාර්ථක විය.
නැවතත් පිළිමතලව්වට
,
කැප්පෙටිපොළ නිලමේ සොයා යාමට සිදුවිය. එහෙත් සිංහල ජාතියේ අවාසනාවට -ජා
”
පොට්ටනි වෙළෙන්දකු ලබාදුන් ඔත්තුවක් නිසා පරවහගම වලව්වෙහිදී ඔවූහු සියලූ දෙන ඉංග්රීසින්ගේ අත්අඩංගුවට පත්වූහ. (ජා වෙළෙන්දාගේ ඉල්ලීම පරිදි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා
,
ඔහුගේ ආගම ඇදහීම සඳහා පල්ලියක් ඉදිකිරීමට
,
මහනුවර බෝගම්බර
භූමියේ පර්චස් කිහිපයක ඉඩමක් ලබා දුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමානයේ -කිරිමුහුදට
”
පහළින් අක්කරයක පමණ ප්‍රදේශයක පිහිටා ඇත්තේ එම පල්ලිය වේ.)
පරවහගම වලව්වේ කැප්පෙටිපොළ දිසාව පමණක් නොව
,
තවත් නායකයෝ රැසක් ද සිටියහ. මඩුගල්ලේ දිසාව ඇතුඵ සටන් පෙරමුණේ නායකයන් රැුසකට සැඟවී
පළා යාමට අවස්ථාව ලබා දුන් මෙම වීරයා
,
ඒ වන විට ඔත්පලව ලෙඩ ඇඳේ වැතීරි සිටි පිළිමතලව්වේ තනිකර දමා නිවටයකු ලෙසින් පළා ගියේ නැත. ලූතිනන්
ඕනිල් වලව්වට ඇතුඵවන විටම.. -මා තමා කැප්පෙටිපොළ
”
යනුවෙන් උස් හඩින් පවසමින් ඔහු ඉදිරියට ගියේය. ඔවුන් අත්අඩංගුවට ගෙන දැඩි ආරක්ෂාව යටතේ මහනුවරට ගෙන ආවේය. නොවැම්බර් දෙවැනි දින ඇළහැර දී මඩුගල්ලේ දිසාව ද ඉංග්‍රීසීන්ට හසුවිය.
නොවැම්බර් මස
13
වැනි දින යුද අධිකරණයක් ඉදිරියට කැඳවා මෙම වීරයන්ට මරණ දඬුවම ලබාදුන්හ. එය ක්‍රියාත්මක කරන ලද්දේ ක්‍රි.ව
1818
නොවැම්බර් මස
26
දින බෝගම්බරදීය. උදේ පෙරවරු
0800
බෝගම්බර වධක භූමියට කැඳවාගෙන පැමිණි කැප්පෙටිපොළ සහ මඩුගල්ල දිසාව අවසන් ගමන් ගියේ සෙංකඩගල පුරවරයම හඬවමිනි. ඔවුන්ගේ දේහ බෝගම්බර වැව් ඉවුරේ භූමදානය කරනු ලැබීය. මොණරවිල කැප්පෙටිපොළ වීරයකු වන්නේ ඌව වෙල්්ලස්ස සටන මෙහෙයවීම නිසාම පමණක් නොවේ. එයට නායකත්වය ලබාදෙමින් විදේශීකයන්ගෙන් තම රට මුදා ගැනීමට කළ උදාර මෙහෙය වෙනුවෙන් කනගාටුවෙමින් සමාව නොගත් බැවිනි.
එදා රජයේ ගැසට් පත්‍රයේ මෙසේ සඳහන් විය. -මොණරවිල කැප්පෙටිපොළ දිසාව වීරයකු ලෙස සන්සුන්ව හැසිරුණේය. ජාතිය වෙනුවෙන් තමා ඉතා වැදගත් කාර්යයක් ඉටු කළා යන හැඟීමෙන් යුතුව මරණයට මුහුණ දුන්නේය
”
යනුවෙනි.
කැප්පෙටිපොළ මහනිලමේ මරණයට පත් කිරීමට ප්‍රථමව ඉතා රහසිගතව බිරිඳ වූ දෙල්වල කුමාරිහාමිට අවසාන කැමැත්ත දන්වා යවන ලදී. එහි සඳහන් කර තිබුණේ කැප්පෙටිපොළ වලව්ව සහ හැටපස් අමුණක ඉඩම් ද
,
සඟ සතුකර පූජා කරන ලෙසත්
,
කුමාරිහාමිට සහ තම දරුවාට සිය මව්පියන් වෙත ගොස් ජීවත්වන ලෙසත්ය. වර්තමානයේ මාවනැල්ලේ කැප්පෙටිපොළ විහාරය නමින් හඳුන්වන්නේ එයයි. ඒ වන විටත් තම
මොණරවිල ගමට ආසන්නයේ (පල්ලේපොළ) විහාරස්ථානයක් ඉදිකර සංඝරත්නයට පූජා කර තිබේ. එය පල්ලේපොළ වේළුවන පිරිවෙන ලෙස හැදින්වේ.
කැප්පෙටිපොළ වීරයා එඩිතර විලාසයෙන් මරණයට මුහුණ දුන් ආකාරය විශ්මය දනවන්නකි. එබැවින්
,
ඔහුගේ හිස පරීක්ෂණයකට ලක් කිරීම සඳහා එංගලන්තයට රැගෙන යාමට දොස්තර හෙන්රි මාෂල් අවසර ලබා ගත්තේය. ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කපාල වස්තු විද්‍යාඥයින් එම හිස් කබල පරීක්ෂා කිරීමෙන් පසු නිගමනය කළේ -කැප්පෙටිපොළ මහනිලමේ ලෝකයේ අතිශයින් විරල ගනයේ රණශූරයෙක්
”
බවය. පසුව එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමත් සමඟ ආපසු අපට ලැබුණ ද මහනුවර දළදා මාළිගා භූමියේ කි‍්‍ර.ව
1954
නොවැම්බර් මස
26
දින භූමදානය කර ඇත. එහෙත් ඒ ගැන විවිධ මත පළවෙමින් පවතී. බොහෝ දෙනකුගේ අදහස වනුයේ එය මතු පරපුරට දැක ගැනීම සඳහා මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කළා නම් වඩාත් සුදුසු බවය.
කහල්ල
පලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති කදු වැටියක් වන කහල්ල පල්ලේ කැලේ කදු වැටියේ උල්පත් 7 කින් යුත් කිසිදු කාලයක ජලය නොසිදෙන මෙම උල්පත් ප්‍රදේශයේ ගම්මාන කීපයකට පිරිසිදු පානීය ජලය
ලබා ගැනීමට හැකියාව පවති
කහල්ල උප්පත
උපුල්වෙහෙර
පලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති කදු වැටියක් වන කහල්ල පල්ලේ කැලේ කදු වැටියේ උල්පත් 7 කින් යුත් කිසිදු කාලයක ජලය නොසිදෙන මෙම උල්පත් ප්‍රදේශයේ ගම්මාන කීපයකට පිරිසිදු පානීය ජලය
ලබා ගැනීමට හැකියාව පවති
උපුල්වෙහෙර
මානේරුව
පලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති කදු වැටියක් වන කහල්ල පල්ලේ කැලේ කදු වැටියේ උල්පත් 7 කින් යුත් කිසිදු කාලයක ජලය නොසිදෙන මෙම උල්පත් ප්‍රදේශයේ ගම්මාන කීපයකට පිරිසිදු පානීය ජලය
ලබා ගැනීමට හැකියාව පවති
මානේරුව
අඹගස්වැව
පලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති කදු වැටියක් වන කහල්ල පල්ලේ කැලේ කදු වැටියේ උල්පත් 7 කින් යුත් කිසිදු කාලයක ජලය නොසිදෙන මෙම උල්පත් ප්‍රදේශයේ ගම්මාන කීපයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව පවති
අඹගස්වැව
නාමලුව
පලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති කදු වැටියක් වන කහල්ල පල්ලේ කැලේ කදු වැටියේ උල්පත් 7 කින් යුත් කිසිදු කාලයක ජලය නොසිදෙන මෙම උල්පත් ප්‍රදේශයේ ගම්මාන කීපයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව පවති
නාමලුව
Top