සංචාරක ස්ථාන
සදා අමරණීය වීරයෙකි. අදින් වසර එකසිය අනූහයකට (196) ප්‍රථම දේශය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ එතුමා, මෙම මස 26 දින සැමරීමට නියමිතය. පරදේශක්කාර ජාතියකට යටත්ව, නිවට, නියාලූ අයුරින් ජීවත් වීම මදිකමක් ලෙස සිතූ ඔහු, තම ජාතියේ ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිතය එඩිතරව පූජා කළ වීරයෙකි. එතුමා කඩුව ඔසවමින් ඌව වෙල්ලස්ස විමුක්ති සටනට නායකත්වය ලබාදෙමින් සටන මෙහෙය වූයේ, එවකට ලෝකයේ අවි ආයුධවලින් සන්නද්ධ ප්‍රබල යුද සේනාවක් සමඟය. ක්‍රි.ව 1817 සැප්තැම්බර් මාසයේ ඌව වෙල්ලස්ස විමුක්ති සටන ඇරඹුණි.