අපගේ සේවාවන්
පෙරටු කාර්යාලය
විනින්දෝරු සැලසුම් අනුමත කිරීම සපුරා ලිය යුතු ලිපි ලේඛ්ණ
(ඔප්පුව / දීමනා පත්‍රය / බලපත්‍රය / පත්ඉරුව )
මුල් ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ පිටපත් 3
අනුබෙදුම් සැලසුම (මුල් පිටපත හා ජායා පිටපත් 02 ක් )
සුදුසුකම් ලත් තැනැත්තා විසින් සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
අවශ්‍යතාවය අනුව වෙනත් අනුමැතීන් ( නගර නිර්මාණ ශිල්ලි
සහතිකය හෙක්ටයාර 0.5 ය වැඩි ඉඩම් සඳහා)
මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමේ ගොස්තුව (වානිජ/සේවා) 1000/=
(025-2051760 ) විමසිම්
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් යනු කුමක්ද?
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය, වර්ෂ 1988 අංක 56 දරන පනතින් සහ වර්ෂ 2000 අංක 53 දරණ පනතින් සංශෝධනය කරන ලද වර්ෂ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ බලාත්මක කරන ලද නෛතික ලියවිල්ලකි.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ අරමුණු
ජාතික අපද්‍රව්‍ය බැහැරකිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, නියමිත කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ විමෝචනය කිරීම වැළැක්වීම හෝ අවම කිරීම සහ කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක අපද්‍රව්‍ය පාලන යාන්ත්‍රණය, පරිසර දූෂණ කාරක අපද්‍රව්‍ය, පරිසර දූෂණය අවම කරවන ක්‍රියාවලියකට යටත් කිරීමටත් අවම අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිමවන ලෙස ක්‍රියා කිරීම, පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි වැනි නව තාක්ෂණික ක්‍රමවේද වලටත් අනුගත වන බව තහවුරු කිරීම.
නියමිත කර්මාන්ත ක්‍රියාකාරකම්වලින් සියලුම පරිසර මාධ්‍යයන් වෙත (වාතය, ජලය. පස) බලපාන ආකාරයෙන් සිදු කෙරෙන අපද්රව්යබැහැර කිරීම පාලනයකිරීමට ක්‍රියා කිරීම
නියමිත කටයුතු / කර්මාන්තයන්හි ක්‍රියාකාරීත්වය ඉහත සඳහන් අරමුණුවලට අනුකූලවන ලෙස ඉටු කර තිබේ නම්, අදාල බලයලත් අධිකාරිය විසින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීමට තීරණය කරනු ලබයි.
ප්රමිතීන් සහ කොන්දේසි
ජාතික පාරිසරික පනතේ 23- අ කොටස යටතේ විශේෂයෙන් දක්වා ඇති පරිදි පරිසර ආරක්ෂණ බලපත්‍රයකින් අවසරලත් අවස්ථාවක හැර කිසිදු පුද්ගලයෙකු විසින් පනතේ විස්තර කර ඇති කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවිය යුතුය.
අපජලය බැහැර කිරීම සඳහා වන ප්රමිතීන් සහ කොන්දේසි
අප-ජලය බැහැර කිරීම සඳහා වන ප්රමිතීන් සහ කොන්දේසි 2022.01.27 දිනැති අංක 2264/17 දරණ ගැසට් නිවේදනයෙහි දක්වා ඇත.
සමුද්‍රීය ජලයට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා
වෙරළාසන්න ජලයට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා
රට අභ්‍යන්තර ජලාශ වලට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා
කෘෂිකාර්මික කටයුතු සදහා භූමි වලට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා
ඝන අපද්‍රව්‍ය හෝ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැරකරන ලද භූමි වලින් ජනනය වන ක්ෂීරිත අපජලය හා අපසන්දන,රට අභ්‍යන්තර ජලශ වලට , වෙරළාසන්න ජලයට හෝ එම ස්ථාන දෙකටම බැහැරලීම සදහා වන ධාරණ සීමා
පොදු පිරිපහදු පද්ධතියකට හෝ සමුද්‍රීය පිටවුම් නල මාර්ගයකට හෝ දෙකටම සම්බන්ධිත පොදු මළාපවහන ජාලයක් වෙත අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා
ජාතික පාරිසරික (ඝෝෂා පාලන) රෙගුලාසි
කර්මාන්තශාලා මගින් බාධාකාරී ලෙස ශබ්දය නිකුත් කිරීම පාලනය කිරීම සඳහා 1996 අංක 1 දරණ ජාතික පාරිසරික (ඝෝෂා පාලන) රෙගුලාසි, 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය මගින් හඳුන්වා දී ඇත. 1996 ජාතික පාරිසරික (ශබ්ද පාලන) රෙගුලාසි
කම්පන උත්පාදක ක්‍රියාකාරකම් සඳහා අන්තර් කම්පන පාලන ප්රමිතීන්
පහත දක්වා ඇති කම්පන උත්පාදක ක්‍රියාකාරකම් සඳහා අන්තර් කම්පන පාලන ප්රමිතීන් හඳුන්වා දෙනු ලැබ ඇත. මෙම අන්තර් කම්පන පාලන ප්රමිතීන් අදාල කම්පන උත්පාදක ක්‍රියාකාරකම් සඳහා අවසාන කම්පන පාලන ප්රමිතීන් ගැසට් නිවේදනයක් මගින් දන්වන තෙක් වලංගු වේ.
යාන්ත්‍රික ක්‍රියාකාරකම්, ඉදිකිරීම් කටයුතු සහ රථවාහන ගමනාගමනය සඳහා වන අතුරු කම්පන පාලන ප්රමිතීන්
පීඩනය හේතුවෙන් සිදුවන වා-පිපිරුම් සහ භෞමික පිපිරුම් වල දී ඇති වන කම්පනයන් සඳහා වන අතුරු පාලන ප්රමිතීන්
පරිහරණය කිරීමට නුසුදුසු ගොඩනැගිලි සඳහා වන ප්රමිතීන්
සටහන :
ග්රාහක පරිසරයේ ආරක්ෂාව සඳහා යම්කිසි කර්මාන්තයක්, ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාදාමයක් මත දැනට පනවා ඇති ප්රමිතීන් සහ කොන්දේසි වලට අමතරව දැඩි ප්රමිතීන් සහ කොන්දේසි පැනවීමේ හැකියාව මධ්‍යම පරිසර අධිකාරිය සතුව පවතී.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු නියමිත කර්මාන්ත /ක්‍රියාකාරකම්
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්ත සහ කර්මාන්ත ක්‍රියාකාරකම් 2022.01.27 දිනැති අංක 2264/18 දරන ගැසට් නිවේදනයෙහි දක්වා තිබේ. සියළුම කර්මාන්ත ඒවායෙන් සිදුවිය හැකි පරිසර දූෂණ ප්‍රමාණය අනුව “අ”, “ආ”, “ඇ” සහ “ඈ” ලෙස කාණ්ඩ 4කට වර්ග කර දක්වා ඇත.
සාපේක්ෂ වශයෙන් ඉතා ඉහළ පරිසර දූෂණයක් සිදු කෙරෙන මහා පරිමාණ දූෂකාරක කර්මාන්ත / ක්‍රියාකාරකම් 33 ක් “අ” කාණ්ඩය යටතේ දක්වා ඇති අතර “ආ” කාණ්ඩය යටතේ දක්වා ඇත්තේ මහා පරිමාණ පරිසර දූෂණයක් සිදු කෙරෙන කර්මාන්ත /ක්‍රියාකාරකම් 71 කි. “ඇ” කාණ්ඩය යටතේ දක්වා ඇත්තේ මධ්‍ය පරිමාණ පරිසර දූෂණයක් සිදු කෙරෙන කර්මාන්ත ක්‍රියාකාරකම් 56 කි.. මෙම “අ” , “ආ” සහ “ඇ” කාණ්ඩ වලට අයත් කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පාරිසරික ආරක්ෂණ බලපත්‍ර, මධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබා ගත යුතු වේ.
“ඈ” කාණ්ඩය යටතේ දක්වා ඇත්තේ සුළු පරිමාණ දූෂකාරක කර්මාන්ත ක්‍රියාකාරකම් 39 කි. මෙම “ඈ” කාණ්ඩයේ කර්මාන්ත / ක්‍රියාකාරකම් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අදාල මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනය වෙතින් ලබා ගත යුතු වේ. මෙම පළාත් පාලන ආයතන මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම, උපදේශනය, පසු විපරම් කටයුතු සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරේ.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක වලංගු කාල සීමාව
“අ” ලේඛනයට ඇතුළත් කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා බලපත්‍රයේ සක්‍රීය දිනයේ සිට වර්ෂයක උපරිම කාල සීමාවක් ද,
“ආ” ලේඛනයට ඇතුළත් කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා බලපත්‍රයේ සක්‍රීය දිනයේ සිට වර්ෂයක උපරිම කාල සීමාවක් ද,
“ඇ”ලේඛනයට ඇතුළත් කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා බලපත්‍රයේ සක්‍රීය දිනයේ සිට දෙවසරක උපරිම කාලසීමාවක් ද ,
“ඈ” ලේඛනයට ඇතුළත් කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා බලපත්‍රයේ සක්‍රීය දිනයේ සිට තෙවසරක උපරිම කාලසීමාවක් ද වශයෙනි.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය (“අ”, “ආ” , “ඇ” හා “ඈ” කාණ්ඩ සඳහා)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නොවූ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය (“අ”, “ආ” , “ඇ” හා “ඈ” කාණ්ඩ සඳහා)
2022.01.27 දිනැති අංක 2264/18 දරණ ගැසට් නිවේදනයෙහි සඳහන් පරිදි “අ” , “ආ” හා “ඇ”කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් කාර්යාලයකින් හෝ දිස්ත්‍රික් කාර්යාලයකින් සිදු කෙරෙන අතර “ඈ” කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම අදාල පළාත් පාලන ආයතනය මගින් ද සිදුකෙරේ.
“ඈ” කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීමේ බලතල 2022.02.27 වන දින සිට පළාත් පාලන ආයතනයන්ට (මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා) පවරා ඇත.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය
පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත. අයදුම්පත මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් හා දිස්ත්‍රික් කාර්යාල වලින් ලබාගත හැකී අතර මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන්ද (www.cea.lk) අයදුම්පත බාගත කළ හැක.
එක් එක් කර්මාන්ත ක්‍රියාවලි සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර, පහත සඳහන් ලිපි ලේඛන සමඟ මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාල පළාත් / දිස්ත්‍රික් කාර්යාල හෝ අදාල පළාත් පාලන ආයතනය වෙත කර්මාන්ත ක්‍රියාවලිය ආරම්භයට දින 30කට පෙර ඉදිරිපත් කළ යුතුය.
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි පිටපතක්
අදාල කර්මාන්තය/නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත, බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)
භූමියේ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන නෛතික අවසරය (අනුකූලතා සහතිකය, අදාල පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය හෝ අනුමැතිය.)
විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ස්කාගාර නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)
පරිසර දූෂණය අවමකිරීම සඳහා වන නිර්දේශ
ආසන්නතම නගරයෙහි සිට කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන දළ මාර්ග සිතියමක්
අධිකාරිය මගින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් යම් ලේඛනයක් හෝ විස්තරයක්
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට ඇති අවශ්‍යතාව, අයදුම්පතෙහි දක්වා ඇති තොරතුරු වල ඇති නිරවද්‍යතාව සහ අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල හෝ පළාත් පාලන ආයතනය මගින් අයදුම්පත පූර්ව පරීක්ෂාවකට ලක් කරනු ලැබේ.
අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම
අ.) නව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.
– කර්මාන්තහිමියා විසින් සපයා ඇති තොරතුරු මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල හෝ පළාත් පාලන ආයතන මගින් අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කර අදාල කර්මාන්තහිමියා වෙත ලිපියකින් දන්වනු ලැබේ. දැනට අවම ගාස්තුව රුපියල් 3472.22ක් වන අතර උපරිම ගාස්තුව රුපියල් 23009.26කි. (මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)
– එසේ නියම කරනු ලබන ගාස්තුව, කර්මාන්තහිමියා විසින් මධ්‍යම පරිසර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලය වෙත හෝ අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත හෝ පළාත් පාලන ආයතනය වෙත හෝ ගෙවා ලදුපතක් ලබා ගත යුතුයි.
– එම ලදුපත අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත හෝ පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කළයුතුයි.
ආ.) පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීම.
පවත්නා බලපත්‍රය අවලංගු වීමට මස තුනකට පෙර එනම්, නියමිත් කාලයට ඉල්ලුම් කරන අවස්ථාවලදී, කර්මාන්තකරුවන් වෙතින් නියමිත පරීක්ෂණ ගාස්තුවෙන් 50%ක් පමණක් අයකරනු ලැබේ. මෙහිදී පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේදීි ඉල්ලුම්පත්‍රය භාරදෙන අවස්ථාවේදී හෝ බලපත්‍ර ගාස්තුව අයකරන අවස්ථාවේදී ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව අය කරනු ලැබේ.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ ඉල්ලුම්පත නියමිත දිනට ප්‍රථම එනම්, මාස 3කට පෙර ඉදිරිපත් නොකරනඉල්ලුම්කරුවන්ගෙන් බලපත්‍රය අලුත් කිරීමේදී මුළු ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුවම අයකර ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකරනු ලැබේ.
ක්ෂේත්‍ර පරීක්ෂාව, නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තාව
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව ගෙවු ලදු පත අදාළ පළාත් / දිස්ත්‍රික් කාර්යාලය හෝ පළාත් පාලන ආයතනය වෙත ලැබුණු පසු කර්මාන්තය සම්බන්ධයෙන් අයදුම්පතෙහි සපයා ඇති තොරතුරු පරීක්ෂා කිරීමටත්, පරිසර දූෂණය පාලනය කර ගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීමටත් නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනුලැබේ.
කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණ තොරතුරු, අයදුම්කරුවිසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සමාජයීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කණ්ඩායම විසින් ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව සම්පාදනයකරනු ලැබේ.
“අ”, “ආ” හා “ඇ” කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා
එම වාර්තාව මගින් අදාල ක්ෂේත්රය අනුමත කර තිබේ නම්, මීළඟ පියවර වෙත යොමු කෙරේ.
පරීක්ෂණ වාර්තාව මගින් පරිසර දූෂණය සිදුවීම පාලනය කිරීම සඳහා තව දුරටත් අමතර යෝජනා ඉදිරිපත් කළ යුතු බව දක්වා තිබේ නම්, එවැනි නිර්දේශ සපුරාලන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. දෙවනුව ඉදිරිපත් කෙරෙන නිර්දේශ පරීක්ෂණ වාර්තාව සමග සැසඳේ නම්, මීළඟ පියවර වෙත යොමු කෙරේ.
බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට පරීක්ෂණ වාර්තාව මගින් නිර්දේශ වී තිබේ නම්, ඒ බව අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් අයදුම්කරුවෙකුට බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව ජාතික පාරිසරික පනතට අනුව, එම අයදුම්කරුට/අයදුම්කාරියට පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එම අභියාචනය, අදාල බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කර දන්වා එවනු ලැබූ දින සිට දින තිහක (30) කාලයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
“ඈ” කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා,
ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව අදාල පළාත් පාලන ආයතනයේ තාක්ෂණික ඇගැයීම් කමිටුව වෙත යොමු කරනු ලැබේ.
මෙම තාක්ෂණික කමිටුව, පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාල පළාත් පාලන ආයතනය වෙත උපදෙස් ලබා දීම සඳහා එම කාර්යාලයෙන්ම පත්කරන ලද ස්වාධීන ඇගැයීම් කමිටුවකි. මෙහි ලේකම් ධූරය, මධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාල පළාත් පාලන ආයතනය වෙත පත්කරන ලද ප්‍රාදේශීය පරිසර නිලධාරියා විසින් හොබවනු ලැබේ.
තාක්ෂණික ඇගැයීම් කමිටුව
පරීක්ෂණ කණ්ඩායම විසින් යොමු කරන ලද පරීක්ෂණ වාර්තාව සහ අදාල කර්මාන්තය හා සම්බන්ධ ලිපි ලේඛන ආදිය මත පදනම්ව තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින් ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.
ඇතැම් විටෙක තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින්ම ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකිරීමට තාක්ෂණික ඇගැයීම් කමිටුව නිර්දේශ කිරීමට ඉඩ ඇත. තාක්ෂණික ඇගැයීම් කමිටු වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගැනීම සිදු කරනු ලැබේ.
තාක්ෂණික ඇගැයීම් කමිටුව මගින් පරිසර දූෂණය සිදුවීම පාලනය කිරීම සඳහා තවදුරටත් අමතර යෝජනා ඉදිරිපත් කළ යුතු බව නිර්දේශ කර තිබේ නම් එවැනි යෝජනා ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. දෙවනුව ඉදිරිපත් කෙරෙන නිර්දේශ මත අයදුම්පත මිළඟ පියවර වෙත යොමු කිරීම තීරණය වේ.
බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට තාක්ෂණික ඇගැයීම් කමිටුව මගින් නිර්දේශ කර තිබේ නම්, ඒ බව අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ.
පළාත් පාලන ආයතනයකින් හෝ කාර්යාලයකින් අයදුම්කරුවෙකුට බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව ජාතික පාරිසරික පනතට අනුව, එම අයදුම්කරුට/අයදුම්කාරියට පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එම අභියාචනය, අදාල බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර දන්වා එවනු ලැබූ දින සිට දින තිහක (30) කාලයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කිරීම
“අ”,“ආ” හා “ඇ” කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා, මධ්‍යම පරිසර අධිකාරියේ බලයලත් නිලධාරීන් විසින් පරීක්ෂණ කණ්ඩායම් වාර්තාව මත පදනම්ව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කරනු ලැබේ. අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ නීති අංශය මගින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ දක්වා ඇති කරුණු සඳහා නීතිමය අනුමැතිය ලබාදෙනු ලැබේ.
“ඈ” කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා, මධ්‍යම පරිසර අධිකාරියේ බලයලත් නිලධාරියා විසින් තාක්ෂණික ඇගැයීම් කමිටුවේත්, පරීක්ෂණ කණ්ඩායමේත් නිර්දේශ මත පදනම්ව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කරනු ලැබේ.
බලපත්‍ර ගාස්තු
නීතිමය අනුමැතිය ලැබුණු පසු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස කර්මාන්ත හිමියාහට දන්වනු ලැබේ.
බලපත්‍ර ගාස්තු සහ වලංගු කාලය (“අ”, “ආ” සහ “ඇ” ලේඛන වල සදහන් කැණීම් කටයුතු හැර)
“අ” ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 15000/- (වර්ෂයකට නොවැඩි කාලයක් සඳහා )
“ආ” ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 10000/- (වර්ෂයකට නොවැඩි කාලයක් සඳහා )
“ඇ” ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 4000/- (දෙවර්ෂයකට නොවැඩි කාලයක් සඳහා )( සමාන වාරික දෙකකින් ගෙවිය හැකිය.)
“ඈ” ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 4500/- (තෙවර්ෂයකට නොවැඩි කාලයක් සඳහා) (සමාන වාරික තුනකින් ගෙවිය හැකිය.)
(මේ සදහා රජයේ අනුමත බදු ඇතුලත්විය යුතුය)
“අ”, “ආ” සහ “ඇ” කාණ්ඩවල කැණීම් කටයුතු සදහා වූ බලපත්‍ර ගාස්තුව සහ අලුත් කිරීමේ ගාස්තුව අධිකාරිය විසින් පහත දැක්වෙන පදනම මත අයකරනු ලැබේ. (2021.10.12 දිනැති සංවර්ධන ප්‍රමුඛතා සදහා භූ විද්‍යා සම්පත් නිස්සාරනය කිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව)
“අ” ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 45000/- (තෙවර්ෂයකට නොවැඩි කාලයක් සඳහා)
“ආ” ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 30000/- (තෙවර්ෂයක ට නොවැඩි කාලයක් සඳහා)
“ඇ” ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 6000/- (තෙවර්ෂයක ට නොවැඩි කාලයක් සඳහා)
(මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම
බලපත්‍ර ගාස්තු ගෙවනු ලැබූ පසු බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිතව පාරිසරික ආරක්ෂණ බලපත්‍රය පෙර දැක්වූ කාලසීමා වලට යටත්ව නිකුත් කරනු ලැබේ. (“අ” ලේඛනය – අවුරුදු 1; “ආ” ලේඛන, – අවුරුදු 1 “ඇ”-ලේඛන – අවුරුදු 2 හා “ඈ” ලේඛන – අවුරුදු 3)
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නොවූ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහාවන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය (“අ”,“ආ” ,“ඇ” හා “ඈ” කාණ්ඩසඳහා)
අයදුම් කිරීමේ ක්‍රියාවලිය
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අලුත්කිරීමේ අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාල පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාල වෙත හෝ අදාල පළාත් පාලන ආයතන වෙත ;
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 03කට පෙර
සැපයූ තොරතුරු වල යම් වෙනස්කමක්, දීර්ඝ කිරීමක් හෝ ක්රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කර මාසයක් ඉකුත් වීමට පෙර
ඉදිරිපත් කළ යුතුය.
ක්ෂේත්‍ර පරීක්ෂාව
කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා පෙර ලබා දුන් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කර තිබේදැයි විමර්ශනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ හෝ පළාත් පාලන ආයතනයෙහි හෝ නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.
මේ සඳහා අවම පරීක්ෂණ ගාස්තුව රු. 3472.22 ක් වන අතර, උපරිම ගාස්තුව රු.23009.26 ක් වේ.(මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.) නියමිත කාලයට එනම් , පවත්නා බලපත්‍රය අවලංගුවිමට මාස 03 කට පෙර අයදුම්කරන කර්මාන්තකරුවන් වෙතින් නියමිත පරික්ෂණ ගාස්තුවෙන් 50% ක් පමණක් අයකරනු ලැබේ.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කර ඇති බවක් නිරීක්ෂණය වුව හොත්, අයදුම්කරු/කර්මාන්ත හිමියා හට පරිසර දූෂණය පාලනය කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වනු ලැබේ.
බලපත්‍ර ගාස්තු
බලපත්‍ර අලුත් කරවා ගැනිම සඳහා ගෙවිය යුතු ගාස්තුව ප්‍රථමයෙන් බලපත්‍රය ලබා ගැනීම සඳහා වූ ගාස්තු ප්‍රමාණයම අදාල වේ. තවද, වලංගු කාලය අදාල බලපත්‍රයේ දක්වා ඇත.
බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් පසු පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.
කර්මාන්ත වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ ක්‍රියාවලිය
ජාතික පාරිසරික පනතෙහි IV අ කොටසේ දැක්වෙන පරිදි නීතිමය කටයුතු ආරම්භ කිරීම පහත දැක්වෙන අවස්ථා වල දී සිදු කෙරේ.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් වගන්ති, කොන්දේසි හෝ ප්රමිතීන් යම්කිසි කර්මාන්තය ක්‍රියාවලියකින්/ ක්රියාදාමයකින් උල්ලංඝණය කෙරෙන අවස්ථාවකදී
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් එම බලපත්‍රය ලබා නොගත් අවස්ථාවක දී
“අ”, “ආ” , “ඇ” හා “ඈ” ලෙස වර්ගීකරණයට ලක් කෙරුණු කර්මාන්තයක් විසින් අපද්‍රව්‍ය නිසි ප්‍රමිතීන්ගෙන් තොරව පරිසරයට බැහැර කරන අවස්ථාවක දී
කර්මාන්තහිමියා විසින් දිගින් දිගටම පාරිසරික ආරක්ෂණ බලපත්රයෙහි කොන්දේසි උල්ලංඝණය කරන්නේ නම් නීතිමය පියවර ගනු ලැබේ.
නීතිමය ක්‍රියාමාර්ග වල දී පහත දැක්වෙන පියවර ගනු ලැබේ.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරිම/ තාවකාලිකව අත්හිටුවීම
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම
පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යොමු කෙරෙන අභියාචනා වලට සවන්දීම
නීතිමය දැනුම් දීම් සිදු කිරිම
නඩු පැවරීම්

“අ”, “ආ” හා“ඇ” කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම (ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුමැතිය ලබාගැනීම)
| ගොඩනැගිලි පරීක්ෂණ ගාස්තු නේවාසික
01. වාර්ග අඩි 100 සිට 500 දක්වා රු150.00 02. වාර්ග අඩි 501 සිට 1000 දක්වා රු200.00 03. වාර්ග අඩි 1001 සිට 1500 දක්වා රු500.00 04. වාර්ග අඩි 1501 සිට 2000 දක්වා රු750.00 05. වාර්ග අඩි 2001 සිට 2500 දක්වා රු1000.00 06. වාර්ග අඩි 2500 ට වැඩි රු1500.00 1. වාර්ග අඩි 100 සිට 500 දක්වා රු300.00 2. වාර්ග අඩි 501 සිට 1000 දක්වා රු400.00 3. වාර්ග අඩි 1001 සිට 1500 දක්වා රු750.00 4. වාර්ග අඩි 1501 සිට 2000 දක්වා රු1000.00 5. වාර්ග අඩි 2001 සිට 2500 දක්වාරු1250.00 6. වාර්ග අඩි 2500 ට වැඩි රු2000.00
|
විථී රේඛා සහතික ලබා ගැනීමේ උපදෙස් මාලාව
අයදුම් පත්‍රය සමග පහත සඳහන් ඇමුනුම් ඉදිරිපත් කල යුතුය (මුල් පිටපතද පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේ)
අයදුම් පත්‍රය නිවැරදිව සම්පුර්ණ කරන්න (අයදුම් පත්‍රය ගාස්තුව රු100.00)
ඉල්ලීම් ලිපිය
ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම් පතේ ජායා පිටපත -1(ග්‍රාම නිලධාරි සහතික කල)
ඉඩමට අදාල ඔප්පුවේ පිටපත -1 (ග්‍රාම නිලධාරි සහතික කල)
ඉඩමට අදාල මිනින්දෝරු සැලැස්මේ පිටපත් 01)
ඔප්පුවට අදාල පත්ඉරු / පිඹුරුපත පිටපත් -1 (ග්‍රාම නිලධාරි සහතික කල)
ඉඩමට අයිතිය වීථි රේඛව ලබා ගන්නා පුද්ගලයාට හිමි නොවේනම් අයිතිකරු විසින් කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය සමාදාන විශ්චකාරවරයෙකුගේ සහතිකයද සමග ඉදිරිපත් කල යුතුය.
ඔප්පුව සහ පිඹුරුපත යම් බැංකුවක ණය මුදලක් ලබා ගැනීම සඳහා රඳවා ගෙන ඇති අවස්ථාවක බැංකුවේ කළමනාකරු විසින් සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කලයුතුය.
සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය අදාල ඇමුනුම් සමග පෙරටු කාර්යාලය වෙත ඉදිරිපත් කරන්වන.
කාර්යාල ක්‍රියාවලිය
තාක්ෂණ නිලධාරි මහතා විසින් ගොනුව පරික්ෂා කිරීම ඉන් පසුව ලේකම් අනුමත කල පසුව සහිතික නිකුත් කිරීම (සභාපති / ලේකම් )
( ප්‍රාදේශීය සභාව මඟින් අනුමත නරන ලද)
palagalapradeshiyasabha@gmail.com
කාර්යාලය දු.අ :- 025-2051765 / 025-2051760
අනුකූලතා සහතික නිකුත් කිරීම
ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් පසු පදිංචියට සුදුසු බවට නිර්දේශ ලබාදීම
01. අයදුම් පත්‍ර ගාස්තුව රු 100/=
02. ඉල්ලීම් ලිපිය
03. ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම් පතේ ජායා පිටපත
04. ඔප්පුවේ පිටපත් (ග්‍රාම නිලධාරි සහතික කල)
05. පරීක්ෂණ ගාස්තුව රු 750/=
කර්මාන්තය |
|
|||||
වාර්ෂික වටිනාකම රු.750.00 නොඉක්මවන අවස්ථාවක |
වාර්ෂික වටිනාකම රු.750.00 ඉක්මවන එහේත් රු. 1500.00 නොඉක්මවන අවස්ථාවක |
වාර්ෂික වටිනාකම රු.1500.00 ඉක්මව අවස්ථාවක |
||||
රු. |
ශත |
රු. |
ශත |
රු. |
ශත |
|
ඇඹරුම්හල් |
500 |
00 |
750 |
00 |
1000 |
00 |
වඩුමඩු |
500 |
00 |
750 |
00 |
1000 |
00 |
යකඩ කම්හල් |
500 |
00 |
750 |
00 |
1000 |
00 |
රු.750.00 නෙඉක්මවන අවස්ථාවක |
රු.7500.00 ඉක්මවන එහෙත් 1500.00ක් නෙඉක්මවන අවස්ථාවක |
රු.1500.ඉක්මවන අවස්ථාවක |
2025 වර්ෂයට ප්රචාරක දැන්විම් පුවරු ගාස්තු පැනවිම
ප්රචාරක දැන්විම් පුවරු/ දෘශ්‍ය පරිසරය පිළිබද අතුරු ව්‍යවස්ථාව යටතේ ප්රචාරක දැන්විම් පුවරු ගාස්තු 2025
1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනතේ අංක 11(1) වැනි වගන්තිය සමග කියවියයුතු 1260(XXX) උපවගන්තිය යටතේ ප්‍රාදේශිය සභාවට පැවැරි ඇති බලතල ප්‍රකාරව 1960/35 හා 2016.03.30. දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය ගරු විෂය භාර අමාත්‍යතුමා විසින් අනුමත කරන ලද 2026.11.29 වැනි දින පළාත් සභාව විසින් අනුමත කර ස්සත අතුරු ව්‍යවස්ථාවේ IV(අ) වැනි කෙටසේ ප්රචාරක දැන්විම් පුවරු /දෘශ්‍ය පරිසරය පිළිබද අතුරුව්යවස්ථාවේ විධිවිධාන ප්‍රකාර පලාගල ප්‍රාදේශිය සභා සිමාව තුළ යම් විදියකට,පාරට,ඇළකට,මුහුදට හෝ අහසට පෙනෙන පරිදි වර්ග අඩියටක නොඅඩු දැන්විමක් හෝ ඉදිකිරිමක් ප්‍රදර්ශනය කිරිමට සැලැස්විම වෙනුවෙන් පහත උපලේඛනයේ සදහන් පරිදි අය කිරිමට සුදුසු බවට තිරණය කරමි.
ඒ අනුව ඉහත කී යෙජනාව 2024.10 .29 දින පරිපාලන කමිටු තීරන අංක පි.පි.එස්. 2024/ 10 /29 /596 -3 අනුමත කරන ලදි.
| අනු අංකය | විස්තරය | එක් වර්ෂයක ගාස්තුව රු.ශත |
|
1 |
බිත්තියක හෝ පුවරුවක ප්‍රදර්ශනය කරණු ලබන (චිත්‍රපට දර්ශන, ප්රචාරක දැන්විම් හැර ඔනෑම දැන්විමක් සදහා වර්ග අඩියකට) |
රු.75.00 |
| 2 | තාවකාලික ප්රචාරක දැන්විම් පුවරුවක් සදහා (වර්ග අඩියකට) |
රු.50.00 |
| උප ලෙඛනයේ 1-2 දක්වා දැන්වීම් දෙපැත්තේම ප්‍රදර්ශනය වන්නේ නම් මෙම ගාස්තු දෙගුණ වනු ඇත. | ||
අනු අංකය |
විස්තරය |
2025 වර්ෂයට |
|||||
01 |
වීථීරේඛා හා නොපරවා ගැනීමේ සහතික ලබා දීමේ ගාස්තුව |
රු. 400.00 |
|||||
02 |
වීථීරේඛා හා නොපරවා ගැනීමේ සහතික ලබාදිමේ පරීක්ෂණ ගාස්තු |
රු. 250.00 |
|||||
03 |
දීර්ඝකාලීන බලපත්‍ර ලබාදීමේ ගාස්තු නේවාසික· පර්චස් 40 දක්වා· පර්චස් 80 දක්වා· පර්චස් 160 දක්වා· පර්චස් 160 ට වැඩි |
රු. 1000.00රු. 1500.00රු. 2000.00රු. 2500.00 |
|||||
04 |
දීර්ඝකාලීන බලපත්‍ර ලබාදීමේ ගාස්තු කෘෂිකාර්මික· පර්චස් 40 දක්වා· පර්චස් 80 දක්වා· පර්චස් 160 දක්වා· පර්චස් 160 ට වැඩි |
රු. 1500.00රු. 2000.00රු 3000.00රු 3500 .00 |
|||||
05 |
දීර්ඝකාලීන බලපත්‍ර ලබාදීමේ ගාස්තු වාණිජ· පර්චස් 40 ද ක්වා· පර්චස් 80 දක්වා· පර්චස් 160 දක්වා· පර්චස් 160 ට වැඩි |
රු. 1500.00රු 2000.00රු 3000.00රු. 3500.00 |
|||||
06 |
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයක් ලබාදීමේ ගාස්තු |
රු. 500.00 |
|||||
07 |
ගොඩනැගිලි පරීක්ෂණ ගාස්තු නේවාසික· වර්ග අඩි 100 සිට 500 දක්වා· වර්ගඅඩි 501 සිට 1000 දක්වා· වර්ග අඩි 1001 සිට 1500 දක්වා· වර්ග අඩි1501 සිට 2000 දක්වා· වර්ග අඩි 2001 සිට 2500 දක්වා· වර්ග අඩි 2500 වැඩි |
රු. 150.00රු. 200.00රු. 500.00රු. 750.00රු. 1000.00රු. 1500.00 |
|||||
08 |
ගොඩනැගිලි පරීක්ෂණ ගාස්තු වාණිජ· වර්ග අඩි 100 සිට 500 දක්වා· වර්ගඅඩි 501 සිට 1000 දක්වා· වර්ග අඩි 1001 සිට 1500 දක්වා· වර්ග අඩි1501 සිට 2000 දක්වා· වර්ග අඩි 2001 සිට 2500 දක්වා· වර්ග අඩි 2500 ටවැඩි |
රු. 300.00රු. 400.00රු. 750.00රු. 1000.00රු. 1250.00රු. 2000.00 |
|||||
09 |
ගොඩනැගිලි අනුබෙදුම් පරීක්ෂණ ගාස්තු නේවාසික |
රු. 500.00 |
|||||
10 |
ගොඩනැගිලි අනුබෙදුම් පරීක්ෂණ ගාස්තු වාණිජ |
රු. 750.00 |
|||||
11 |
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ ගාස්තුව වර්ග අඩියකට නේවාසික |
රු. 2.00 |
|||||
12 |
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ ගාස්තුව වර්ග අඩියකට වාණිජ |
රු 5.00 |
|||||
13 |
අනුකූලතා සහතික ලබාදීමේ ගාස්තුව |
රු. 5000.00 |
|||||
14 |
සංවර්ධන බලපත්‍රය දීර්ඝ කිරිමේ ගාස්තුව (වානිජ සේවා වසරකට) |
රු. 1000.00 |
|||||
15 |
සැලසුම් පිටපත් ලබාදිම (එක් පිටුවක් සදහා) |
රු. 1000.00 |
|||||
16 |
විථිරේඛා පරික්ෂණ ගාස්තුව හා නික්ත් කිරිමේ ගාස්තුව |
රු. 800.00 |
|||||
17 |
සම්ප්‍රේෂන කුළුණු අනුත කිරිමේ පරික්ෂණ ගාස්තුව |
රු.2500.00 |
|||||
18 |
සම්ප්‍රේෂන කුළුණු අනුමත කිරිමේ ගාස්තුව |
රු. 40000.00 |
|||||
19 |
ඇන්ටනා කුළුණු අනුමත කිරිමේ ගාස්තුව |
රු. 20000.00 |
|||||
20 |
අනුකුලතා සහතික ලබාදිමෙ අයදුම්පත්‍ර ගාස්තුව |
රු. 500.00 |
|||||
21 |
පාරිසරික බලපත්‍ර අයදුම් පත්‍ර ගාස්තුව |
රු. 100.00 |
|||||
22 |
පාරිසරික බලපත්‍ර අලුත් කිරීමේ අයදුම් පත්‍ර ගාස්තු |
රු. 50.00 |
|||||
23 |
ගොඩනැගිලි සැලසුම් පත්‍ර ගාස්තු |
රු. 100.00 |
|||||
24 |
වීථි රේඛා අයදුම් පත්‍ර ගාස්තු |
රු. 100.00 |
|||||
25 |
පාරිසරික බලපත්‍ර ගාස්තු |
රු. 4500.00 |
|||||
26 |
සැලසුම් අනුමත කිරීම කාලය දීර්ඝ කිරීම වසරකට (නේවාසික) ගාස්තුව |
රු. 250.00 |
|||||
27 |
සැලසුම් අනුමත කිරීම කාලය දීර්ඝ කිරීම වසරකට (වාණිජ ) ගාස්තුව |
රු. 500.00 |
|||||
28 |
ගොඩනැගිලි අයදුම්පත්/ඉඩම් අනුබෙදුම් ලබාදීමේ පෝරම ගාස්තු(වාණිජ) |
රු. 500.00 |
|||||
29 |
ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් ගාස්තුව |
රු. 500.00 |
|||||
30 |
කර්මාන්ත ශාලා සැළසුම් අනුමත කිරිමේ ගාස්තුව |
රු. 30000.00 |
|||||
31 |
ඉන්ධන පිරවුම්හල්,සේවා ස්ථාන සැලසුම් අනුමත කිරිමේ ගාස්තුව |
රු. 20000.00 |
|||||
32 |
මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමේ ගාස්තු (වානිජ/සේවා) |
රු. 1000.00 |
|||||
33 |
මිනින්දෝරු සැලසුම් අනුබෙදුම් කිරීමේ ගාස්තු (වානිජ/සේවා) |
රු. 1000.00 |
|||||
34 |
පුස්තකාල සාමාජික ගාස්තු (පාසල් ළමුන්) |
රු. 100.00 |
|||||
35 |
පුස්තකාල සාමාජික ගාස්තු (අනෙකුත් )එක් දිනකට පොතක් සදහා ප්‍රමාද ගාස්තු |
රු. 200.00රු. 5.00 |
|||||
36 |
ජංගම පුස්තකාල සාමාජික ගාස්තු (පාසල් ළමුන්)ජංගම පුස්තකාල සාමාජික ගාස්තු (වැඩිහිටි) |
රු. 50.00රු. 100.00 |
|||||
37 |
සුසාන භූමියේ මෘත දේහය තැම්පත් කිරීම වර්ග අඩියක් සදහා ගාස්තුව |
රු. 50.00 |
|||||
38 |
භූමිදාන කටයුතු සදහා ගාස්තුව |
රු .250.00 |
|||||
39 |
කර්මාන්ත ගිවිසුම් පත්‍ර සදහා ගාස්තුව |
රු. 100.00 |
|||||
40 |
ප්රචාරක ජංගම වෙළද රථ නගරයේ තබා ගැනිම සදහා පැයකට ගාස්තුව |
රු. 100.00 |
|||||
41 |
වැලි ගල් බොරළු ප්‍රවාහනය කිරීම සදහා ප්‍රාදේශිය සභා මාර්ග භාවිතා කිරීම කියුබ් 1 |
රු. 150.00 |
|||||
42 |
සුදුගල් කියුබ් 1 |
රු. 1200.00 |
|||||
43 |
අලෙවි ප්‍රවර්ධන වැඩ සටහන් පැවැත්වීම වෙනුවෙන් දිනකට ගාස්තුව |
රු. 1000.00 |
|||||
44 |
ආගමික උත්සවයකදි ගවයෙකු ඝාතනය කිරීම වෙනුවෙන් ගාස්තු |
රු. 1500.00 |
|||||
45 |
ප්‍රවාහනය සදහා ට්රැක්ටරය ටේලරය සහිතව කුලියට ලබාදීමේ ගාස්තුට්රැක්ටර් පැය 01 ක් සදහා (ඉන්ධන සහිතව) |
රු. 1850.00 |
|||||
46 |
W.P- LP 3234 ජල බවුසරය (5000 L )ප්‍රවාහනය කිලෝ මිටර් 01 ක් සදහා (ඉන්ධන සහිතව)දිනක් රදවා තබා ගැනිමට ගාස්තුව |
රු. 2900.00රු. 150.00රු. 2500.00 |
|||||
47 |
ජලය සහිතව ට්රැක්ටර ජල බවුසරය ලිටර් 3000 ඉන්ධන සහිතවට්රැක්ටර් පැය 01 ක් සදහා (ඉන්ධන සහිතව)රදවා තබාගන්නා දින 01 ක් සදහා |
රු. 1500.00රු. 1850.00රු. 1000.00 |
|||||
48 |
තණ කොළ කපන යන්ත්‍රය කුලියට දිමේ ගාස්තුව පැය 01 සදහාප්රවාහනය සදහා ට්රැක්ටරය පැය 01 සදහා(ඉන්ධන සහිතව) |
රු. 2200.00රු. 1850.00 |
|||||
49 |
පස්තලන යන්ත්‍රය (ලොකු) ඉන්ධන සහිතව පැයක් සදහා ගාස්තුවප්රවාහනය සදහා ට්රැක්ටරය පැය 01 සදහා |
රු 5500.00රු. 1850.00 |
|||||
50 |
පස්තලන යන්ත්‍රය (කුඩා) ඉන්ධන සහිතව දිනක් සදහා ගාස්තුව (පැය 08) |
රු. 5000.00 |
|||||
51 |
මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය කුලියට ලබාදීම පැයක් සදහා ගාස්තුව(යන්ත්‍ර පැයක් සදහා ඉන්ධන සහිතව) |
රු. 7500.00 |
|||||
52 |
විදුලිජනක යන්ත්‍රය දිනකට (පැය 12)ගාස්තුව (ඉන්ධන හා ප්‍රවාහනය රහිතව) |
රු. 8000.00 |
|||||
53 |
ටිපර් රථය ඔපරේටර් පැය 01සදහා ගාස්තුව(ඉන්ධන සහිතව)(කිලෝ මිටර් 80 ඇතුලත) |
රු. 2300.00 |
|||||
54 |
ශබ්ද විකාශන යන්ත්‍ර ( හෝන් 02 ) ගාස්තුව පැය 01 ක් සදහා(ප්‍රවාහන පහසුකම් රහිතව) |
රු. 1000.00 |
|||||
55 |
ශබ්ද විකාශන ( සවුඩ් සෙටප්) ගාස්තුව පැය 01 ක් සදහා(ප්‍රවාහන පහසුකම් රහිතව) |
රු. 1000.00 |
|||||
56 |
ලයිට් සෙට් සදහා ගාස්තුව පැය 01 ක් සදහා |
රු. 1000.00 |
|||||
57 |
මල්ටිමීඩියා ගාස්තුව පැය 01 ක් සදහා |
රු. 1000.00 |
|||||
58 |
රංග ශාලාව කුලියට දිමේ ගාස්තුව පැය 01 ක් සදහා ( ජලය,විදුලි,ආසන පහසුකම් පමණක්)පැය 08 කට වඩා ලබාගන්නේනම් |
රු. 1500.00රු. 10000.00 |
|||||
59 |
නැණසල මධ්‍යස්ථානය මගින් අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාල සිසුන් ලියාපදිංචි කර ගැනිම |
රු. 1500.00 |
|||||
60 |
ඔනැම සභාසතු මාර්ගයක් විද ජලනල එලිම සදහ එක් සැපයුම සදහාබෙරළු පාරක් පළුදුකර ජලනල එලිම සදහාකෙන්ක්රිට් පාරක් පළුදු කර ජලනල එලිම සදහාඅන්තර් සම්බන්දිත කුට්ටිගල් පාර පළුදු කර ජලනල එලිම සදහාතාර පාරක් පළුදු කර ජලනල එලිම සදහාකාපට් පාරක් පළුදු කර ජලනල එලිම සදහා |
රු. 500.00රු. 1000.00රු. 5000.00රු. 4000.00රු. 6000.00රු. 12000.00 |
|||||
61 |
නාට්‍ය සංදර්ශන පැවැත්විමට දිනකට |
රු. 2000.00 |
|||||
62 |
පානිය ජලය බොදා හැරිම ජලය ලිටරයක් සදහා |
රු. 2.50 |
|||||
63 |
නල ළිං වර්ෂික ගාස්තුව (එක් නල ළිදක් සදහා) |
රු. 300.00 |
|||||
64 |
සති පොළ ගාස්තු (පොළ පවත්වන දිනට)· මාළු වෙළදාම· සිල්ලර වෙළදාම· එළවලු වෙළදාම· රෙදි වෙළදාම· ෆැන්සි භාණ්ඩ හා ප්ලාස්ටික් භාණ්ඩ වෙළදාම· හදුන්කුරු සහ සබන් වෙළදාම |
රු. 200.00රු.150.00රු.150.00රු.150.00රු.150.00රු.100.00 |
|||||

ජලය පිරිපහදු කර බෝතල් කිරීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කීපයේ ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත

ජල නොමැති ගම්මාන සඳහා ටැංකි 24 ස්ථාපිත කර ඇති ජල ටැංකි සඳහා ජලය බෙදාදීම සිදු කරයි
සති පොළ ගාස්තු (පොළ පවත්වන දිනට)· මාළු වෙළදාම· සිල්ලර වෙළදාම· එළවලු වෙළදාම· රෙදි වෙළදාම· ෆැන්සි භාණ්ඩ හා ප්ලාස්ටික් භාණ්ඩ වෙළදාම· හදුන්කුරු සහ සබන් වෙළදාම |
රු. 200.00රු.150.00රු.150.00රු.150.00රු.150.00රු.100.00 |
||||
025-2030800
පෙරටු කාර්්‍යාලය

නැණසල මධ්‍යස්ථානය – ආඬියාගල

මහජන පුස්තකාලය – ආඬියාගල
https://www.facebook.com/profile.php?id=100034777491906
025-2030800
පෙරටු කාර්්‍යාලය
මහජන පුස්තකාලය – පුබ්බෝගම